රට පාලනය කිරීමට පළපුරුදු ඇති මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මීගමුවේ පැවති පළමු ජන රැළියට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළා.
ඒ අනුව පරපුරුදු අය පාර්ලිමේන්තුවේ සිටීමෙන් ජනපතිට අවුරුදු තුනක් රට ගෙනයන්න හැකි බවත් එසේ නොවුණහොත් පොල් පෝලිම් නොව සෑම තැනම පෝලිම් ඇති වන බවයි ඔහු පැවසුවේ.
ජාතික ජනබලවේගයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් කර ඇති පිරිසට පළපුරුද්දක් නොමැති බව ද ඔහු එහිදී කියා සිටියා.