International

බ්‍රිතාන්‍ය නව රජයේ කැබිනෙට්ටුවේ ඇමැතිවරුන් 25න් 11ක්ම කාන්තාවෝ

Monday, 08 July 2024 - 4:26 pm

වසර 14කට පසු බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ජයගත් කම්කරු පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලයට ඉතිහාසයේ පළමු වතාවට වැඩිම කාන්තාවන් පිරිසක් පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නව අගමැති කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාමර්ගේ 25 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලයට කාන්තාවන් 11 දෙනකුම පත් කර ඇති අතර, එහි ප්‍රතිශතය 44% ක් වන බව ද වාර්තා වේ.

ඉන් කැපී පෙනෙන වෙනස වන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට කාන්තාවකට මුදල් අමාත්‍යධුරය පිරිනැමීමය. මීට පෙර එරට භාණ්ඩාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රෂේල් රීව්ස් එම තනතුරට පත් කර ඇති අතර, කම්කරු පක්ෂයේ නව කැබිනට්ටුවට ආසියාතික සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනකු පත් කිරීමට ද නව අගමැතිවරයා කටයුතු කර ඇතැයි වාර්තා වේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු මුස්ලිම් මන්ත්‍රීවරියක වූ පාකිස්තාන සම්භවයක් සහිත ශබානා මහ්මූද් අධිකරණ අමාත්‍යවරිය ලෙසත්, ඉන්දීය සම්භවයක් සහිත ලීසා නැන්ඩි සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා අමාත්‍යවරිය ලෙසත් පත් කර ඇතැයි වාර්තා වේ.

කම්කරු රජයේ නව ඇමැති මණ්ඩලය පත් කිරීමේදී කාන්තා නියෝජනයට අමතරව බ්‍රිතාන්‍යයේ රජය යටතේ පාලනය වන පාසල්වලින් අධ්‍යාපනය ලැබූ අය කෙරෙහිද ස්ටාමර්ගේ දැඩි අවධානය යොමුවූ බව ද වාර්තා වේ. කෙසේ වෙතත් පෞද්ගලික ආයතනවල අධ්‍යාපනය ලැබූ ලුයිස් හයිෆ්ට සහ ඇනලීස් ඩෝඩ්ස්ට ද ඇමැතිධුරය පිරිනැමීමට අගමැතිවරයා පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ලුයිස් හයිෆ් එරට ප්‍රවාහන ඇමැතිවරිය ලෙස පත්කර ඇති අතර, ජාත්‍යන්තර කටයුතු සංවර්ධන ඇමැතිවරිය ලෙස ඇනලීස් ඩෝඩ්ස් පත් කර ඇතැයි වාර්තා වේ.

44 හැවිරිදි ඇන්ජෙලා රයිනර් උප අගමැතිවරිය ලෙස පත් කර ඇතැයි ද, වයට් කූපර් අභ්‍යන්තර කටයුතු ඇමැතිනිය ලෙසත්, අමෙරිකාවේ උපත ලැබූ බ්‍රිජට් පිලිප්සන් අධ්‍යාපන ඇමැතිවරිය ලෙසත් පත්කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එරට විදේශ ඇමැතිවරයා ලෙස ගයානා දූපත් සම්භවයක් සහිත කළු ජාතිකයකු වන ඩේවිඩ් ලැමී පත්කිරීමටද අගමැතිවරයා පියවර ගෙන තිබේ.

 
 
 
 


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT