Local

අපේ ප්‍රතිපත්තිය පාසල් 10,000ට කෝටිපතියෝ 10,000ක් හොයන එක නෙවෙයි - කෞෂල්‍යා ආරියරත්න

Wednesday, 12 March 2025 - 6:37 pm

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ නිදහස් අධ්‍යාපනය රාජ්‍ය වගකීමෙන් ගිලිහීමට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පවසනවා.

රජයේ ප්‍රතිපත්තිය වන්නේ පාසල් 10,000ට කෝටිපතියන් 10,000ක් සෙවීම නොවන බවත්, රජය අත්හැරිය නොහැකි මූලික වගකීමක් අධ්‍යාපනය සම්බන්ධයෙන් දරණ බවත් ඇය ප්‍රකාශ කර සිටියා.

පෞද්ගලික අංශයට රජය සමග සහයෝගයෙන් වැඩ කළ හැකි බවයි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ.

අධ්‍යාපනය තුළට තාක්ෂණය ගෙන එන පවසමින් නොයෙකුත් කොමිස් ගැනීම් හා දූෂණ වංචා සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවත්, ඒවා සෙවීමට කාලයක් ගතවන බවත් ඇය පෙන්වා දුන්නා.

රුපියල් බිලියන 1.5ක් පමණ වැය කර සුහුරු පුවරු (Smart Board) 1000 ක් ගෙන්වා ඇති නමුත්, ඒවා ලබාදෙන ආකාරය ගැන සැලැස්මක් නොමැතිවීම නිසා ගබඩාවල තබා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT