Local

ජූලි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්

Thursday, 01 August 2024 - 9:36 pm

2024 ජූලි මාසයේ මුල් දින 28 තුළ දී වාර්තාගත 170,647 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙය 2024 මාර්තු මාසයෙන් පසු මේ දක්වා එක් මාසයක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය වේ.

එසේම පසුගිය 2023 වසරේ ජූලි මාසයේ දී මෙරටට පැමිණ ඇකි 143,039 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 19% ක වර්ධනයකි.

මෙම වකවානුව තුළ පැමිණි සංචාරකයින්ගෙන් 22.8% ක් ඉන්දියානු සංචාරකයින් වන අතර එය සංඛ්‍යාත්මකව 38,875 කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් 18,260 ක්, චීනයෙන් 11,649 ක්, නෙදර්ලන්තයෙන් 10,267 ක් හා ජර්මනියෙන් 9,410 ක් ලෙසින් ජූලි මාසය තුල මේ දක්වා වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇති රටවල් වේ.

ජූලි මාසයේ මෙම වාර්තාගත සංචාරක පැමිණීමත් සමඟම 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,180,896 ක් ලෙසින් වාර්තා වී තිබේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT