Local

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

Friday, 11 July 2025 - 5:02 pm

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, අයථා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදා හැර සිටින විත්තිකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.

නමුත් නඩුව විභාග කරන විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

2010 මාර්තු 31 සහ 2012 මාර්තු 31 අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා අදාළ වරද සිදුකර ඇති බවත්, කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා රුපියල් 13,999,000 ක මුදලක් වැය කර ඇති අතර, කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා රුපියල් 71,399,000ක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT