Local

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

Friday, 11 July 2025 - 5:29 pm

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක්ම වසර 5ක් තිස්සේ පුරප්පාඩුව පවතින බව වාර්තා වනවා.

මෙම පුරප්පාඩු හේතුවෙන් කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ජාතික රෝහල් තුනේම පාලනය වැඩ බලන නිලධාරීන් විසින් සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ.

ඒ අනූව රටේ ප්‍රධාන ජාතික රෝහල් තුනටම මේ වන විටත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නිලධාරීන් නොමැති බවයි එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු පැවසුවේ.

ජාතික රෝහලක පවතින ඉහළම තනතුර වන්නේද මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර බවයි එම නිලධාරියා පවසා සිටියේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන පර්‍යේෂණ හා පුහුණු) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත වෛද්‍ය) ඇතුළු තනතුරු මෙසේ අවුරුදු 5ක් තිස්සේම හිස්ව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් කියා සිටියේ.
 
 


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT