Business

එක්සත් රාජධානිය වෙත තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක්

Friday, 11 July 2025 - 9:28 pm

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින්, බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.

මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙන බවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.

ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා මෙම නව ක්‍රමයට යාවත්කාලීන කිරීමේ කොටසක් ලෙස, එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට වඩාත් තරගකාරී මිල ගණන් යටතේ ආනයනවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි සඳහන් වන්නේ.

එක්සත් රාජධානියට තවදුරටත් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කිරීමට දිරි ගැන්වීමක් ලෙස මෙම රටවලට අදාළ සහනය ලබාදීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍යය පවසා තිබෙනවා.

2026 වසරේ මුල් භාගයේදී මෙය ක්‍රියාත්මක වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT