International

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 681කට නඟී

Thursday, 05 September 2024 - 10:55 am

අගෝස්තු 23 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කාලය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත අයුරින් වර්ධනය වූ බවත්, මේ වන විට එරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 681.688ක වාර්තාගත අගයක් පෙන්නුම් කරන බව ඉන්දීය මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක සඳහන් වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර එරට විදේශ විනිමය සංචිතයේ ඉහළ අගය ලෙස වාර්තා වී ඇත්තේ ඩොලර් බිලියන 674.919ක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය වසරේදී එරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 58කින් ඉහළ ගිය අතර ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය මේ වසරේ ගත වූ මාස අටක කාලයේදී ඩොලර් බිලියන 60කින් ඉහළ ගිය බව ද එහි සඳහන් වේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT