Local

කතරගම සිදු කරන හොර අටපිරිකර ජාවාරම හසුවේ

Wednesday, 15 May 2024 - 8:23 am

කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සිවුරු කොටස් කාඩ්බෝඩ්වල ඔතා සකස් කර ඇති ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් කතරගම පොලිසිය හා මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් (13) පෙරවරුවේ කතරගම පුදබිමේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

ඒ කතරගම පුදබිමේ සැදැහැවතකු විසින් පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සඳහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමකින් අනතුරුවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලාන්තරයක සිට කතරගම හා අවට ප්‍රදේශවලට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බැතුමතුන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. සැකකරුවන් කතරගම පුදබිමේ පැවැත්වෙන පින්කමක් සඳහා අටපිරිකර 150ක ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එම ස්ථානයට එම අවස්ථාවේදී පැමිණි තිබේ. උන් වහන්සේලා ද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කළහ. මේ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියෝ මෙසේ පැවසූහ.

“අටපිරිකර පූජාව කියන්නේ අටමහ කුසල කර්මවලට අයත් වන දෙවැනි පින්කම. ඇතැම් කූට ව්‍යාපාරිකයන් මුදල් ඉපැයීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ ලෙස භාවිතයට ගත නොහැකි සිවුරු කෑලි, කාඩ්බෝඩ් කෑලි ආදිය දමා මෙහෙම අටපිරිකර සකස් කිරීම මහා අපරාධයක්. අටපිරිකරකට පිරිකර අටක් අඩංගු විය යුතු නමුත් මෙම රැගෙන ආ එක අටපිරිකරකවත් පිරිකර අටක් අඩංගු නෑ. මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජා කරන මේ අටපිරිකරට මෙලෙස නිඟා කිරීම දඬුවම් දිය යුතු බරපතළ වරදක්. මෙම ජාවාරම සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් මටත් පැමිණිලි ගණනාවක්ම ලැබී තිබුණා. ඒ අනුව මම මේ සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට හා කතරගම පොලිසියට දැනුම් දීලා තිබුණා. ඒ අනුව අද දවසේ මෙම වැටලීම සිදු කරලා තියෙනවා. සමස්ත බෞද්ධ ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා අටපිරිකරක් මිල දී ගැනීමට පෙර ඒ පිළිබඳ නිසි අවධානයෙන් පසු වෙන්න කියලා.“

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා, අටපිරිකර 150ක ප්‍රමාණයක් හා එය රැගෙන ආ වෑන් රථය සමඟ කතරගම පොලිසියට රැගෙන ගිය අතර සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහගේ උපදෙස් පරිදි මොනරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස්.බී. රත්නායකගේ නියෝග පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රධානී දිනූෂ ලක්මාල්, විමර්ශන නිලධාරීන් වන ආර්.එම්.එන්.එම්. ගුණරත්න, ඒ.සී.එම්. භාෂිත්, එම්.එෆ්.එම්. රේෂාන් , කතරගම පොලිසියේ නිලධාරීහු එක්ව වැටලීම සිදු කළහ.


Top Stories
wedivistara

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට එක්වන ලෙස ජනපතිගෙන් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ආරාධනයක්

wedivistara

පූර්ව ලියාපදිංචියකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර ලබාගන්න එන්න එපා - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

wedivistara

“උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවේ – සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ

wedivistara

අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේදී තේ කර්මාන්තයේ නව ප්‍රවර්ධනයක් අත්‍යවශ්‍යයි

wedivistara

රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට

wedivistara

අපේ පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ - සුමන්තිරන්

Trending
wedivistara

රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කරයි

wedivistara

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 - ගැසට් නිවේදනය නිකුත් කෙරේ

wedivistara

අහිතකර දුම් පිටවන වාහන 93ක් අසාදු ලේඛණගත කෙරේ

wedivistara

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙනවා - බන්දුල

wedivistara

කෘත්‍රි​ම බුද්ධිය ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්

wedivistara

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම අද


NEWS ALERT