Local

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි

Sunday, 01 December 2024 - 7:46 am

අද රාත්‍රි 9 පමණ වනවිට දිවයින වටා නගර සහ ප්‍රදේශ 12ක පමණ වායු ගුණත්ව තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ තිබුණි.

ඒ රත්නපුර, කිලිනොච්චිය, ගම්පහ, ත්‍රිකුණාමලය, අම්බලන්ගොඩ, දඹුල්ල, ගාල්ල,මීගමුව, පුත්තලම, මහියංගනය ,කුරුණෑගල හා කලාවැව යන ප්‍රදේශවලය.

වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක් වේ.

නමුත් අගය 101ත් - 150ත් අතර සුළු වශයෙන් අහිතකර වන අතර එම අගය 151 – 200 දක්වා අහිතකර මට්ටමක් ලෙසින් සැලකේ.

මෙවැනි පසුබිමක ඊයේ මෙන්ම අද දිනයේත් මෙරට ප්‍රධාන නගර රැසකම වායු ගුණ තත්ත්වයේ අගය 101 ඉක්මවා ගොස් තිබුණි.

කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ 104ක් වූ අතර එය අද 108ත් - 116ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මීට අමතරව කළුතර නගරයේ ද වායු ගුණ තත්ත්වය අගය අද 98ත් 104 අතර පැවතුණි.

එමෙන්ම මහනුවර වායු ගුණ තත්ත්වය 106ත් - 114ත් මට්ටමේත් , අනුරාධපුර නගරයේ වායු ගුණ තත්ත්වය 100ත් - 118ත් අතර පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

යාපනය නගරයේ වායු ගුණ තත්ත්වයේ අගයත් අද 120ට ආසන්න වී තිබුණි.

පවතින මෙම තත්ත්වය යටතේ සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් ඔවුන් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය බව අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT