Local

පෙට‍්‍රල් වරායෙන් බාද්දී 159යි.. පස්සේ 120ක් බදු ගහනවා.. සාක්කුවට 50ක් ගියේ කාටදැයි සිපෙට්කෝ සභාපති නොදනී..

Tuesday, 05 November 2024 - 11:15 am

පෙට‍්‍රල් ලීටරයක් කොළඹ වරායෙන් ගොඩබාන අවස්ථාවේදී මිල රුපියල් 159ක් වන බවත් ඉන් අනතුරුව රුපියල් 120ක බදු මුදලක් ඊට එකතු වන බවත් ලංකා කනිජ තෙල් නීතිගත අවස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා මහතා සඳහන් කරයි.

නමුත් එහි බදු මුදල අඩු කරන්නේද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මුදල් අමාත්‍යාංශය විසින් බවත් හෙතෙම පවසයි.

ඉන්ධන ලීටරයකින් රුපියල් පනහක කොමිස් මුදලක් කිසිවෙකුගේ හෝ සාක්කුවට යන්නේදැයි ඔහුගෙන් මාධ්‍ය කල විමසීමේදී සභාපතිවරයා පැවසුවේ තමන් ඒ පිළිබඳ නොදන්නා බවත් ඒ පිළිබඳව එක්විටම පිළිතුරු ලබාදිය නොහැකි බවත්ය.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

“මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම මිල දේශපාලන අවශ්‍යතාවය මත තීරණය කරනවා. එතකොට ඡන්දයක් එනකොට මිල අඩුකරනවා. ආපහු වෙනස් කරනවා. අවසාන ප්‍රතිඵලය බිලියන 03ක් යනතුරු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රජ්‍ය බංකුවලට ණය තිබුණා. මොකද ගෙනාපු මිලට වඩා අඩුවෙන් විකුණලා.

ඊට පස්සේ මේ මිල සූත්‍රය හරියට ක්‍රියාත්මක වුණාට පස්සේ මම හිතන්නේ පසුගිය අවුරුද්දේ බිලියන 120ක ලාභයක් තිබුණා. මේ වෙනකොට බිලියන 27ක් පෙට්‍රෝලියම් එකට ලාබයක් තියෙනවා.

එහි ප්‍රතිඵලයක් හැටියට දේශපාලනය මැදිහත් වෙලා මේක සාධාරණව ක්‍රියාත්මක නොකිරිම නිසා රටේ මතයක් ඇති වුණා පෙට්‍රෝලියම් එකට මේක කරගෙන යන්න බැහැ කියලා. අන්තිමට ඒ හින්දා වෙන සමාගම් ලංකාවට කැඳව්වා. දැන් ගැටලුව වෙලා තියෙන්නේ අපිට ස්වාධීනව කටයුතු කරන්න හැකියාවක් නැහැ. මේ වෙනකොට වෙන සමාගම් වෙළෙඳපොළේ ඉන්නවා. ඔවුන් එක්ක ගහපු මේ ගිවිසුම්වල හැටියට මේ මිල සූත්‍රයමයි 2022 ඉඳලා ඒ සමාගමුත් පාවිච්චි කරන්නේ.

අවසානයේ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය මැදිහත්වෙලා මේ මිල සූත්‍රයට අනුව මිලක් තීරණය කරනවා. ඒකෙන් තමයි මේ මාසේ මිල තීරණය වුණේ. එතකොට 95වල සූපර් ඩීසල්වල ලෝක වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව ගත්තොත් අඩුකරන්න හැකියාවක් තියෙන නිසා අඩුවෙලා තියෙනවා.

ස්වාධීනව මේ මිල අපිට වෙන ඒවට දාලා සමහරවිට ඒවට අඩුකරන්නේ නැතුව අනිත් ඒවාගෙන් අඩු කර ගැනීමේ හැකියාව තිබුණා අනිත් සමාගම් නැතිනම්. දැන් තියෙන ගිවිසුම්වල හැටියට වැරදිලාවත් ඒ අයට පාඩුවක් වුණොත් සහ දැන් මේ ෆෝමියුලා එකේ එන මිලට වඩා ඒ අයගේ වියදම වැඩි වුණොත් අනිවාර්යෙන් රජය බැඳිලා ඉන්නවා ඒ අයට පාඩුව ගෙවන්න. එහෙම තමයි ගිවිසුමේ තියෙන්නේ. ඒකට අනුව අමාත්‍යංශයට Claim එවලා තියෙනවා. මාස තුනක් ඇතුළත රජය ඒ මුදල ගෙවන්න ඕනේ. අන්න එහෙම ලොකු ගැට ගැහිල්ලක් එක්ක තියෙන නිසා තමයි. ඇත්තටම අපිට මිල ඕනේ විදිහට වෙනස් කරගෙන යන්න බැරිවෙලා තියෙන්නේ.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT