International

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ඝාතනයට ලක්වෙයි

Friday, 13 June 2025 - 8:03 pm

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (13) අලුයම ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරි හොසේන් සලාමි මියගියේය.

ඉරාන රාජ්‍ය මාධ්‍ය ඒ බව තහවුරු කර ඇති අතර මිය ගිය පිරිස අතර තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් කිහිපදෙනෙකු ද සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම ඉරානයේ ටෙහෙරානයේ අගනුවර ඇතුලු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසු සිය ගුවන් කලාප වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එමෙන්ම ඉරානය ද ටෙහෙරාන්හි පිහිටි සිය ගුවන්තොටුපළ වසා දමා ඇත.

ඉරානය විසින් සිදු කරනු ලබන න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේය.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT