පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය (27) කතානායකවරයා වෙත යොමුකර තිබෙනවා.
ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරී පත්වුනා.
ඒ අවධියේ පැවති පාලනයෙන් රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි යන අපේක්ෂාව තුළ තමා පාර්ලිමේන්තුවට පැමිණියද, සියලු දෙනාගේ අපේක්ෂා භංගත්වයට පත්වන අයුරින් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සහ පවතින වාතාවරණය තුළ තම දේශපාලන සිතුම් පැතුම් යථාර්ථයක් නොවන බව පසක් වීම නිසා මෙම තීරණය ගත් බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ.