Local

දීමනා ගැටලුවට කඩිනමින් විසඳුමක් නොලැබුනහොත් සතියකින් පසු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා. - සමන් රත්නප්‍රිය

Tuesday, 18 March 2025 - 8:15 pm

අයවැයෙන් හෙද සේවාවට සිදුකළ දීමනා හා උසස්වීම් කප්පාදුවට වහා විසඳුම් ඉල්ලා රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය මාර්තු 17 දින නැවත රටපුරා පැය 03 ක සේවාවෙන් ඉවත් වීමේ වර්ජන ක්‍රියාමාර්ගයක් හා රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ හේතුවෙන් සෞඛ්‍ය ඇමති මැදිහත් වී එදිනම පෙ.ව. 11.00 ට මුදල් අමාත්‍යාංශ නිළධාරීන් සමඟ සාකච්ඡාවක් ලබාදුන් අතර එහිදී උසස්වීම් කප්පාදුවට විසඳුමක් ලබාදීමට අමාත්‍යාංශ නිළධාරීන් එකඟ විය.
එයට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ‍ලේකම්ට නිර්දේශයක් යැවිමටද එකඟ වන ලදී.
නමුත් අතිකාල දීමනා සහ රජයේ නිවාඩු දින දීමනා කප්පාදුවට විසඳුමක් නොලැබුණි. අයවැය යෝජනා සම්මත වන මාර්තු 21 දිනත් මෙයට අදාළ යෝජනා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන බව මෙයට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.
එබැවින් දීමනා ගැටළුවට ඉදිරි සතිය තුළ විසඳුම් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරමු.
ඉදිරි සතිය තුළ මෙම දීමනා ගැටලුවට කඩිනමින් විසඳුමක් නොලැබුනහොත් සතියකින් පසු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් නැවත ගන්නා බව අවධාරණය කරන්නෙමු.

ස්තුතියි
මෙයට විශ්වාසී

සමන් රත්නප්‍රිය 
සභාපති
රජයේ හෙද නිලධාරීන්ගේ සං


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT