Local

ගොඩගම පාසල් ගුරුවරියක් නිවසේදී ගෙල වැලලාගෙන

Wednesday, 07 August 2024 - 9:19 am

හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන පාසල් ගුරුවරියක සිය නි‍ෙවසේ කාමරයක ගෙල වැලලාගෙන සිටියදී බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම, ගොඩගම පදිංචිකාරියක වන හෙනරත් ආරච්චිලාගේ බුද්ධිකා රංගනී යසරත්න නමැති 32 හැවිරිදි එක්දරු මවක වන පාසල් ගුරුවරියකි.

මියගිය ගුරුවරිය සිද්ධිය වූ දින සැමියා සමඟ තම දරුවා පාසලට පිටත් කර නි‍ෙවසේ සිටියදී මෙලෙස ගෙල වැලලාගෙන ඇති බවත් ව්‍යාපාරිකයකු වන ඇගේ පියා හදිසියකට නි‍ෙවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙල වැලලාගෙන සිටිනු දැක ඒ අවස්ථාවේදීම රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.

අදාළ මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් සිදු කළ අතර එහිදී ලද සාක්ෂි මත මෙලෙස සියදිවි නසා ගැනීමට නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැති බැවින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.පී. මහේෂ් ලෝව් මහතා විසින් සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කර ඇත.

ඒ අනුව සියලු කාරණා සලකා බලා මේ හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීමට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නියෝග කර ඇත. මීගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් ලක්මාල් මහතා පරීක්ෂණ කටයුතු මෙහෙයවීය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT