Local

මවගේ බොරුවට, පුතා අපයෝජනය කළැයි වසර 16ක සිරදඬුවම් නියම වූ පියා, ඇය බොරු උගන්වන වීඩියෝව දැක උසාවියෙන් නිදහස්.

Saturday, 06 July 2024 - 9:28 pm

තමාගේම සිවු හැවිරිදි පුතා අපයෝජනය කළ බවට වූ චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වූ පියෙකු ඉදිරිපත් කළ ඇපෑලක් සලකා බැලූ අභියාචනාධිකරණය සිරදඬුවම් විඳිමින් සිටි පියා නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරුගේ බිරිඳ දරුවා යොදාගෙන තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද, දරුවා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට දුන් කටඋත්තරයේදී මව දරුවා ළඟ සිට ඔහුට උගන්වන අයුරූ ළමා ආරක්‍ෂක අධිකාරිය මහාධිකරණයට ඉදිරිපත් කර ඇති පිටපතේ සඳහන් කර නැතැයි පෙන්වා දෙමින් නීතිඥ දර්ශන කුරුප්පු මහතා දැක්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සිරදඬුවම් විඳිමින් සිටි පියා ඒ අවස්ථාවේදීම නිදොස් කොට නිදහස් කළේය.



මවගේ ඉගැන්වීම මත සිවු හැවිරිදි දරුවා විසින් පියාට එරෙහිව ළමා ආරක්‍ෂක අධිකාරියට දුන් ප්‍රකාශය නිවැරදි නොවන ආකාරයෙන් සටහන් කර ඉදිරිපත් කර ඇතැයිද, එවැනි ලේඛනයක් පදනම් කරගනිමින් මහාධිකරණය විසින් විත්තිකාර පියා වැරදිකරු කර සිරදඬුවම් නියම කර ඇතැයිද නීතිඥ දර්ශන කුරුප්පු මහතා හෙළි කිරීම නිසා නොකළ වරදකට වසර 02ක කාලයක් බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි බ්‍රිටෝ හේමන්ත නමැති පියා එලෙස නිදහස් කෙරිණි.



අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරත්නම් සහ සම්පත් අබේකෝන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී හෙළි වූ කරුණු අනුව එලෙස නියම කළේය.තමාගේම සිවු හැවිරිදි පුතාව අපයෝජනා කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් මහාධිකරණයේ නඩු පවරා තිබූ අතර, නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු කරමින් ඔහුට වසර 16ක සිරදඬුවම් නියම කෙරිණි.


මහාධිකරණ තීන්දුවට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර, එය සලකා බැලීමේදී විත්තිකරු සහ ඔහුගේ බිරිඳ අතර කලක පටන් අඩදබර තිබූ බවත් සිවු හැවිරිදි දරුවා සිට ඇත්තේ මව භාරයේ බවත් හෙළි විය.

එසේ සිටියදී විත්තිකරුට එරෙහි නඩුවට පාදක වූ පැමිණිල්ල ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ඉදිරිපත් වී ඇති බවත් දරුවා නඩුවට පාදක වූ සිද්ධිය විස්තර කරන ආකාරය ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් වීඩියෝ කර ඇති බවත් අධිකරණයට දැනුම් දුන් නීතිඥ දර්ශන කුරුප්පු මහතා එලෙස කළ වීඩියෝවේදී දරුවා සඳහන් කරන කරුණු ලේඛනගත කර අධිකාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කළත් දරුවාගේ ප්‍රකාශය ගන්නා විට අම්මා දරුවා අසල සිට,

ඔහු පොලඹවන ආකාරය එහිදී විස්තර කර නැතැයි පෙන්වා දුන්නේය.


දරුවා ළමා ආරක්‍ෂක අධිකාරියට දෙන ප්‍රකාශයට අදාළ වීඩියෝව නැරඹීමේදී අම්මා විසින් දරුවා පොලඹවන ආකාරය පැහැදිලිව දිස්වන නමුත් ළමා ආරක්‍ෂක අධිකාරිය අධිකරණයට ඉදිරිපත් කළ යතුරු ලියන පිටපතේ එම කරුණු සඳහන්ව නැති බවත් වීඩියෝ දර්ශනවල අඩංගු කරුණු සහ යතුරු ලියන පිටපතේ අඩංගු කරුණුවල බරපතළ පරස්පරතා ඇතැයිද පෙන්වා දුන් නීතිඥ දර්ශන කුරුප්පු මහතා විත්තිකරුගේ බිරිඳ දරුවා යොදාගෙන තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය පෙත්සම්කාර පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන පිටපත නිවැරදි පිටපතක් වශයෙන් පිළිගත්තාය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු කරමින් කොළඹ මහාධිකරණ තීන්දුව ඉවත දැමූ අභියාචනාධිකරණය සියලු  චෝදනාවලින් විත්තිකරු නිදහස් කළේය.

බුද්ධිමාල් රුබේරු

කොළඹ

 


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT