පාර්ලිමේන්තුව අද (09) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.
ඉන්පසු පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 දක්වා ශ්රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
අනතුරුව ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.