දූෂණ වංචා චෝදනාවක් හේතුවෙන් නවදිල්ලි ප්‍රධාන ඇමැති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ ප්‍රධානතම විපක්ෂ නායකයකු වන කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් ඔහුගේ නිවෙස වැටලීමෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඔහු අත්අඩංගුවට ගැනීම දේශපාලන අවශ්‍යතාවක් මත එළැඹෙන මහමැතිවරණය ඉලක්ක කරමින් සිදුවූවාක් බවට නවදිල්ලි ප්‍රධාන ඇමැතිවරයා නියෝජනය කරන ආම් ආඩ්මි පක්ෂය චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.
අරවින්ද් කෙජ්රිවාල්ට එරෙහිව මත්පැන් සමාගම් කිහිපයකට වාසිදායක අයුරින් කටයුතු කිරීමේ සහ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා නීතිවිරෝධී මුදල් භාවිත කිරීමේ චෝදනා එල්ල වී ඇත. මහඇමැතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එය විශාල කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව සඳහන් කර තිබේ.