Local

යුරෝෆෝමියුලා ඕපන් 2025: යෙවාන් ඩේවිඩ් දෙවන ස්ථානයේ

Monday, 07 July 2025 - 10:09 am

ශ්‍රී ලංකාවේ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් යුරෝෆෝමියුලා ඕපන් 2025 රියදුරන්ගේ ශූරතාවලියේ (Drivers' Championship of the Euroformula Open 2025) දෙවන ස්ථානයට පත්ව සිටින බව වාර්තා වෙනවා.

ඔහු තම මොටෝපාර්ක් (Motopark) කණ්ඩායමේ සගයා වන දකුණු කොරියාවේ මයිකල් ෂින්ට වඩා ලකුණු හතරකින් පමණක් පසුපසින් සිටියි.

ඩේවිඩ් මේ වන විට ලකුණු 194ක් ලබාගෙන තිබෙනවා.

මෙම තත්ත්වය හංගේරියාවේ හංගාරෝරින් (Hungaroring) පරිපථයේදී යුරෝෆෝමියුලා ඕපන් හතරවන වටය අවසන් වීමෙන් පසුවයි වාර්තා වී ඇත්තේ.

හංගේරියාවේදී ඩේවිඩ්ගේ ඉහළම දක්ෂතාවය වූයේ අද (6) පැවති දෙවන තරඟයේදී තෙවන ස්ථානය දිනා ගැනීමයි.

ඔහු පළමු තරඟයේදී අටවන ස්ථානයටත්, තෙවන තරඟයේදී සිව්වන ස්ථානයටත් පත්විය.

යෙවාන් ඩේවිඩ් ජූලි 19 සිට 20 දක්වා ප්‍රංශයේ සර්කිට් පෝල් රිකාඩ් (Circuit Paul Ricard) හිදී පැවැත්වෙන යුරෝෆෝමියුලා ඕපන් හි පස්වන වටයට නැවත තරඟ කිරීමට නියමිතයි.


Top Stories
wedivistara

යුරෝෆෝමියුලා ඕපන් 2025: යෙවාන් ඩේවිඩ් දෙවන ස්ථානයේ

wedivistara

ගාල්ල බන්ධනාගාරයට උඩින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

wedivistara

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

wedivistara

කථානායක ගැන පළ වන විවිධ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් තතු පහදයි

wedivistara

සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්

wedivistara

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT