Local

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

Monday, 07 July 2025 - 9:57 am

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් වාර්ෂි­කව ක්‍රියා­ත්මක කරන ජාතික අන­තුරු නිවා­රණ සතිය අදින් (07) ඇරඹේ. අද සිට 11 දා දක්වා මේ සතිය ක්‍රියා­ත්මක කරන අතර මේ වර්ෂයේ දී සම­රනු ලබන්නේ දස­ වැනි ජාතික අන­තුරු නිවා­රණ සති­යයි. මාර්ග අන­තුරු වැළැ­ක්වීමේ දිනය අදට (07) ද, සේවා ස්ථාන­යන්හි අන­තුරු වැළැ­ක්වීමේ දිනය 08 වැනි­දාට ද, නිවෙස් සහ වැඩි­හිටි නිවා­ස­ව­ලදී වන අන­තුරු වැළැ­ක්වීමේ දිනය 09 වැනි­දාට ද, දියේ ගිලී­ම්ව­ලින් වන අන­තුරු වැළැ­ක්වීමේ දිනය 10 වැනි­දාට ද, පාසල්, පෙර පාසල් සහ දිවා සුරැ­කුම් මධ්‍ය­ස්ථා­න­වල සිදු වන අන­තුරු වැළැ­ක්වීමේ දිනය 11 වැනි­දාට ද යෙදී ඇත.

මෙරට සමස්ත ජන­ග­හ­න­යෙන් 7 දෙන­කු­ගෙන් එක් අය­කුම වෛද්‍ය ප්‍රති­කාර සඳහා යොමු විය යුතු ආකා­රයේ අන­තු­ර­කට වාර්ෂි­කව පත්විය හැකි බවත් සෑම විනා­ඩි­ය­ක­ටම අවම වශ­යෙන් ශ්‍රී ලාංකි­ක­යන් 6 – 8 දෙන­කුට වෛද්‍ය ප්‍රති­කාර අවශ්‍ය වන ආකා­රයේ අන­තු­රක් විය හැකි බවත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි.

හදිසි අන­තුරු හේතු­වෙන් ප්‍රති­කාර සඳහා ශ්‍රී ලංකාවේ රෝහල් වෙත යොමු කෙරෙන රෝගී­න්ගෙන් වාර්ෂි­කව 2500-3000ක් පමණ මර­ණ­යට පත් වන අතර, රෝහ­ල්වල සිදු වන මර­ණ­ව­ලට හේතු­වන සාධක අතු­රින් 10 වැනි ස්ථාන­යට පත්ව ඇත්තේ හදිසි අන­තු­රුය.

ශ්‍රී ලංකාව තුළ වාර්ෂි­කව සිදු වන 145,000ක් පමණ වන සමස්ත මරණ අතු­රින් සිය­යට 8ක් හෙවත් 10,000- 12,000කගේ පමණ ජීවිත හදිසි අන­තුරු නිසා ශ්‍රී ලංකා­වට අහිමි වන බවත්, සෑම පැය තුන­ක­දීම අවම වශ­යෙන් 4 දෙන­කුගේ පමණ ජීවිත විවිධ අන­තුරු නිසා රටට අහිමි වන බවත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය පව­සයි.

සන්ධ්‍යා කරු­ණා­රත්න


Top Stories
wedivistara

යුරෝෆෝමියුලා ඕපන් 2025: යෙවාන් ඩේවිඩ් දෙවන ස්ථානයේ

wedivistara

ගාල්ල බන්ධනාගාරයට උඩින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

wedivistara

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

wedivistara

කථානායක ගැන පළ වන විවිධ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් තතු පහදයි

wedivistara

සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්

wedivistara

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT