Local

කථානායක ගැන පළ වන විවිධ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් තතු පහදයි

Monday, 07 July 2025 - 9:52 am

පාර්ලිමේන්තුව විසින් කථානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත සපයා ඇති පහසුකම් සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වන විවිධ ප්‍රවෘත්ති වාර්තා පිළිබඳ කරුණු පැහැදිළි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කථානායකවරයාගේම යෝජනාවකට අනුව කථානායකවරයා වෙත ලබා දෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන පහසුකම්වලට සමාන වන ලෙස ලබා දීමට මැයි 02 දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගේ සභාපතිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේදී තීරණය කරන ලද බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක් වුණේ වත්මන් කථානායකවරයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන ඉන්ධන පහසුකමට සමානව මසකට ලීටර 900 දක්වා අඩු කර තිබෙන බවයි.

තවද, ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන මේ වසරේ ජනවාරි 21 දිනැති චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි නිල වාහන දෙක (වාහන අංක CAN 8753/CBI 5198) කතානායකවරයා භාවිත කරන බව ද අදාල නිවේදනයේ සදහන්වේ.

කථානායක මාධ්‍ය අංශයේ භාවිතය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී ඇති බව ද එම නිවේදනයේ දැක් වේ.

කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 08 දෙනෙක් වන අතර, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්,සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා අදාළ රජයේ චක්‍රලේඛවල විධිවිධාන ප්‍රකාරව නිල වාහන සහ ඉන්ධන පහසුකම් හිමි වන බව ද පාර්ලිමේන්තු නිවේදනයෙන් දැනුම් දෙයි.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් විධායක නිලධාරීන් හා සමානව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාසික වැටුපෙන්ද ආහාර වලට අදාළ නියමිත මුදල අය කෙරෙන බවයි.

කථානායකවරයා විසින් සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකරන අතර කථානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ පිහිටි කථානායක කාර්යාලයේදී පවත්වනු ලබන බව ද කරුණු පැහැදිළි කරමින් නිකුත් කළ නිවේදනයේ දැක් වේ.

එමෙන්ම කථානායකවරයා දැනට තාවකාලිකව පදිංචිවී සිටින කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සඳහා අදාළ මාසික කුලිය 2007 වසරේ අප්‍රේල් 20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 ප්‍රකාරව ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය තවදුරත් පවසයි.


Top Stories
wedivistara

යුරෝෆෝමියුලා ඕපන් 2025: යෙවාන් ඩේවිඩ් දෙවන ස්ථානයේ

wedivistara

ගාල්ල බන්ධනාගාරයට උඩින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

wedivistara

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

wedivistara

කථානායක ගැන පළ වන විවිධ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් තතු පහදයි

wedivistara

සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්

wedivistara

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT