නාදුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ස්ලෝවේකියාවේ අගමැති රොබර්ට් ෆිකෝ බරපතළ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
59 හැවිරිදි අගමැතිවරයා වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ (15) ස්ලෝවේකියාවේ හැන්ඩ්ලෝවා නුවර රජයේ රැස්වීමක් පැවති ගොඩනැඟිල්ලක් ඉදිරිපිටදීය. අගමැතිවරයාට වෙඩි පහර කිහිපයක්ම එල්ල වී ඇතැයි ද, ඔහු වහා හෙලිකොප්ටර් යානයක් මඟින් රෝහල්ගත කර ඇතැයිද විදෙස් මාධ්‍යය වැඩිදුරටත් වාර්තා කළේය. අගමැතිවරයාට වෙඩි තැබූ තුවක්කුකරු ඒ මොහොතේදීම අත්අඩංගුවට ගෙන තිබේ.