Local

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය හතර අතේ බෙදපු ගුරුවරයා හා ගුරුවරිය මාට්ටු

Monday, 13 May 2024 - 8:10 am

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ කොටස් කිහිපයක් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ උපකාරක පන්ති සිසු පිරිසකට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු සහ තවත් පාසල් ගුරුවරියක ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කොට්ඨාස පරිගණක අපරාධ අංශය මඟින් හසලක ප්‍රදේශයේ පෞද්ගලික පන්ති ගුරුවරයා (12) සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර ගුරුවරිය ගම්පහදී (12) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම ගුරුවරිය ගුරු අභ්‍යාස විදුහලක ගුරුවරියක වන අතර ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක ඇති විභාග මධ්‍යස්ථානයේ විභාග රාජකාරි කර ඇත. ඇය සිය ජංගම දුරකතනයෙන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර වට්ස්ඇප් සමූහයක දමා ඇතැයි විමර්ශනවලදී හෙළිව ඇත.

මෙම උපකාරක පන්ති ගුරුවරයා මහියංගණය පුහුල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයාගේ මව හසලක ප්‍රදේශයේ ප්‍රධාන පාසලක හිටපු විදුහල්පතිවරියක බව පොලිසිය පවසයි. සැකපිට අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයාගේ සහ ඔහුගේ මවට අයත් ස්මාට් ජංගම දුරකතන දෙකක් ද පොලිසිය භාරයට ගෙන ඇත. උපකාරක පන්ති ගුරුවරයාගේ වට්ස්ඇප් ජාලයේ සිසුන් දහසක් පමණ සම්බන්ධව සිටින බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය, මහනුවර කොට්ඨාස පරිගණක අපරාධ ඒකකය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

ගම්හපදී අත්අඩංගුවට ගත් ගුරුවරිය විසින් විභාග රාජකාරියේ නිරත වන අතරතුර සිසුන්ට ප්‍රශ්න පත්‍රය බෙදාදීමට පෙර එයින් එක් පිටපතක් රැගෙන සිය ජංගම දුරකතනයෙන් ඡායාරූපයක් ගෙන වට්ස්ඇප් සමූහයකට යොමු කර ඇති බව විමර්ශනවලින් පෙනී යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුවේ. මෙතෙක් කර ඇති විමර්ශනවලින් ප්‍රශ්න පත්‍රය විභාග දෙපාර්තමේන්තුවෙන් කලින් පිටවීමක් සිදුව නොමැති බව පෙනී යන්නේ යැයි ද එම නිලධාරියා කීය.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT