Local

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

Friday, 06 December 2024 - 10:56 pm

ඩෙංගු රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා කියුබානු සෞඛ්‍ය අංශවල විශේෂඥ දැනුම ලබාගැනීමට රජය තීරණය කර ඇතිබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති එච්.ඊ. ඇන්ඩ්‍ර මාර්කෙලෝ ගොන්සාලිස් මහතා සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ හමුවකින් අනතුරුවයි.

එහිදී ඩෙංගු මර්දනය සඳහා කියුබා රජය අනුගමනය කළ සාර්ථක පියවර පිළිබඳ අවධාරණය කළ තානාපතිවරයා මෙරටින් ඩෙංගු තුරන් කිරීම සඳහා උපරිමයෙන් සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර බව එම අමාත්‍යාංශය පවසයි.

මෙරට මහජන සෞඛ්‍ය වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා අදාළ විශේෂඥතාව සහ දැනුම ලබා දීම කියුබානු රජයේ අරමුණ වී තිබේ.

මදුරු කීටයන් මර්දනය කිරීමට භාවිත කරන ක්‍රම කිහිපයක් පිළිබඳව ද සාකච්ඡාව අතරතුර හඳුන්වා දී තිබේ.

ඩෙංගු හේතුවෙන් මේ වනවිට මෙරට මියගිය පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 46048 දෙනෙකු වාර්තා වී ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT