පාර්ලිමේන්තුව අද (10) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළකිරීම සඳහායි.
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු කුමාර වෙල්ගම, ගරු එච්. නන්දසේන සහ ගරු ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා අද පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.