International

ආගමන විගමන නිලධාරින්ට කොටු වූ සුපිරි TikTok තරුව Khaby Lame අමෙරිකාවෙන් පිටව යයි

Wednesday, 11 June 2025 - 6:20 pm

ලොව ජනප්‍රියම TikTok පෞරුෂය වන Khaby Lame, ෆෙඩරල් නියෝජිතයන් විසින් රඳවා තබා ගැනීමෙන් පසු එක්සත් ජනපදයෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

 
ආගමන සහ රේගු බලාත්මක කිරීමේ (ICE) ප්‍රකාශකයෙකු ස්කයි පුවත් සේවය වෙත සඳහන් කර තිබුණේ, ලොව පුරා TikTok අනුගාමිකයින් මිලියන 162.2ක් සිටින සෙනගාලියානු-ඉතාලි ජාතික මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා, ඉකුත් සිකුරාදා (06) ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී 'ඔහුගේ වීසා බලපත්‍රයේ නියමයන් ඉක්මවා රැඳී සිටීම' හේතුවෙන් රඳවා ගත් බවයි. 
 
25 හැවිරිදි ඔහු ඉකුත් අප්‍රේල් 30 වැනි දා එක්සත් ජනපදයට පැමිණ ඇති අතර, වීසා නීති උල්ලංගණය කිරීමේ චෝදනාවට ලක් වුව ද ස්වේච්ඡාවෙන් පිටවීම නිසා පිටුවහල් කිරීමේ නියෝගයක් නොමැතිව රටින් පිටවීමට අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සාමාන්‍ය එක්සත් ජනපද නීතිය අනුව පිටුවහල් කිරීමේ නියෝගයක් ඇති අයට දශකයක් දක්වා නැවත එක්සත් ජනපදයට ඇතුළුවීමට අවසර දීම වළක්වාලිය හැකියි.
 
එක්සත් ජනපදයේ සිටිය දී, සෙරින්ජ් කබානේ ලේම් යන නීත්‍යානුකූල නම ඇති Lame, නිව් යෝර්ක් නගරයේ මෙට් ගාලා සහ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇඳුම් ආයතනයේ ප්‍රතිලාභ උත්සවයට සහභාගී වී තිබුණා. COVID-19 වසංගතය අතරතුර ඔහු අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වූ අතර, මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් TikTok තුළ සිටින ඔහු 2022 දී නිර්මාණකරු සන්නාමයක් වන හියුගෝ බොස් සමග බහු-වසර හවුල්කාරිත්වයක් අත්සන් කළා.
 
එසේ ම ඔහු මෙම වසරේ ජනවාරි මාසයේ දී යුනිසෙෆ් සුහද තානාපතිවරයෙකු ලෙස පත් කරනු ලැබුවා.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT