Business

ජූලි මාසයේ නිෂ්පාදන හා සේවාවල වර්ධනයක්

Friday, 16 August 2024 - 7:41 am

මෙම වසරේ ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මඟින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූලි මාසයේදී දර්ශකාංක 59.9ක් වාර්තා කර ඇති බව සඳහන්.

මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යාම දායක වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

නව ඇණවුම් උප දර්ශකය ඉහළ යාම සඳහා රෙදිපිළි හා ඇඟලුම් අංශය ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව සඳහන්.

තවද, මූලික වශයෙන් ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයන්හි ඉහළ ක්‍රියාකාරිත්වය නිසා මෙම මාසය තුළදී නිෂ්පාදන උප දර්ශකය ඉහළ ගිය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

එමෙන්ම සේවා නියුක්තියද ජූලි මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මෙම වසර තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන දර්ශකංක 71.1ක් වාර්තා කරමින් සේවා ක්‍රියාකාරකම්වල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

භාණ්ඩ ප්‍රවාහන හා ගුවන් සේවා අංශවල ඇති වූ වර්ධනයන් හේතුවෙන් මෙම ඉහළ යාම වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

මෙහිදී තොග සහ සිල්ලර වෙළෙඳාම සහ අනෙකුත් පෞද්ගලික සේවා කටයුතු හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම්ද ජූලි මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන්.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT