International

BRICS රටවල සමීක්ෂණයකින් නව අනාවරණයක්

Thursday, 24 October 2024 - 9:20 am

වත්මන් ගෝලීය සන්දර්භය තුළ BRICS සහයෝගීතාව නියෝජනය කරන නැඟී එන වෙළඳපොල සහිත රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සාමූහික වර්ධනය ප්‍රධාන වශයෙන් වෙනස් වෙමින් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

BRICS රාජ්‍ය නායකයින්ගේ සමුළුවේදී මේ බව අනාවරණය වී ඇති අතර පොදු යහපත උදෙසා කුමන බලපෑම් හමුවේ වුව ද ධනාත්මක මෙන්ම ස්ථායී බලවේගයක් ලෙස BRICS සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය වනු ඇති බවයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

චීන මාධ්‍ය සමූහයේ CGTN ආයතනය චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය සමග එක්ව නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන ආයතනයේ සහභාගීත්වයෙන් 1,634ක් වූ BRICS රටවල පුද්ගල නියැදියකින් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

ඊට සහභාගී වූ බහුතරයක් BRICS සංවිධානය ගෝලීය පාලනය සඳහා නව ශක්තියක් එක් කර ඇති බවට සඳහන් කර ඇති අතර වර්තමාන ලෝකයේ බහුපාර්ශ්විකත්වය සහ ඒකපාර්ශ්විකත්වය අතර මෙන්ම සාධාරණත්වය සහ ආධිපත්‍යය අතර ගැටුම් තීව්‍ර වෙමින් පවතින බව සඳහන්.

එමෙන්ම ආර්ථික ගෝලීයකරණ අභියෝගවලට ද මුහුණ දීමට සිදුව ඇති බව එහිදී පෙන්වාදී ඇති අතර ගෝලීය උතුර සහ දකුණ අතර සංවර්ධන පරතරය ද තවදුරටත් පුළුල් වන අයුරු දැකගත හැකි බවයි අනාවරණය වී ඇත්තේ.

විශේෂයෙන්ම සංවර්ධිත රටවල් සුළු ප්‍රමාණයක ආධිපත්‍යය යටතේ ජාත්‍යන්තර පටිපාටියේ ආයතනික ස්වභාවය සහ දැඩි ප්‍රතිවිරෝධතා මනාව ත්‍යක්ෂ වෙමින් පවතින අතර මෙවන් පසුබිමක වඩාත් සාධාරණ නව ජාත්‍යන්තර පටිපාටියක් නිර්මාණය කිරීම BRICS රටවල ප්‍රධාන අභිප්‍රාය බවට පත්ව තිබෙනවා.

මෙම සමීක්ෂණයේදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 96.2ක් ලොව රටවල් ජාත්‍යන්තර කටයුතුවලට සමාන සහභාගීත්වයක් දැක්විය යුතු බවත්, ජාත්‍යන්තර පද්ධතිය ස්ථාපිත කිරීමට සාමුහිකව කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එමෙන්ම තවත් සියයට 72.6ක පිරිසක් සංවර්ධිත රටවල ආධිපත්‍යය හිමි වත්මන් ජාත්‍යන්තර නීති ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා ඇති අතර ජාත්‍යන්තර පටිපාටියේ කුමන අංශ කඩිනම් ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු ද යන්න විමසීමේ දී එයට ප්‍රතිචාර වශයෙන් BRICS රටවල ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 63.6ක් ජාත්‍යන්තර සංවිධානවල තීරණ ගැනීම වඩාත් විනිවිදභාවයකින් යුක්ත විය යුතු බවටයි සඳහන් කර ඇත්තේ.

මේ අතර සමීක්ෂණයට සහභාගී වූ සියයට පනහකට ආසන්න පිරිසක් වෙනත් රටවලට විරුද්ධව මිලිටරි සම්බාධක පැනවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ජාත්‍යන්තර සහනාධාර, දැනුම සහ තාක්‍ෂණ හුවමාරුව තුළ දී උතුරු-දකුණු පරතරය අඩු කරනු ඇතැයි අපේක්ෂා කර තිබෙනවා.

දිගු කාලයක් තිස්සේ BRICS රටවල පොදු අපේක්ෂාව සහ වගකීම වූයේ සාමය, සංවර්ධනය, සහයෝගීතාවය සහ ජයග්‍රාහී ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම වන අතර එහි ආරම්භක සාමාජිකයෙකු ලෙස, චීනය සිය සංවර්ධන දැක්ම සහ නවීකරණ ජයග්‍රහණ තුළින් BRICS යාන්ත්‍රණයට නව ජීවයක් එක් කර ඇති බව නොරහසක්.

මෙම සමීක්ෂණයේ දී ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය උදෙසා මෙන්ම ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීම ආදී ක්ෂේත්‍රවලදී BRICS සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනය ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් වීම ද විශේෂත්වයක් වන අතර සංවර්ධනයේ දී චීන නවීකරණ වැඩපිළිවෙළට සහ සියයට 88.6 ක් ජනතා කේන්ද්‍රීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳව ද සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

එමෙන්ම ආර්ථික වර්ධනයේ නව ධාවකයන් හබා යමින් නවීන තාක්ෂණික විප්ලවය ඔස්සේ නව අවස්ථා සාක්ෂාත් කර ගැනීමේ චීන නවෝත්පාදන වෑයම සියයට 89.8ක පිරිසකගේ ප්‍රසාදයට ලක් වීම ද විශේෂත්වයක්.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT