Local

හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..

Sunday, 10 November 2024 - 9:17 am

හදි­සි­යේම කෝටි­ප­ති­යන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩා­ය­මක තිදෙ­නකු යාප­නයේ කෝපායි පොලි­සිය විසින් 7 දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පසු­ගිය වස­රේදී ගායික ගායි­කා­වන් තුන් දෙනකු එකතු වී සංගීත කණ්ඩා­ය­මක් පිහි­ටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට රුපි­යල් කෝටි ගණ­නින් මුදල් බැර වන බව වවු­නි­යාව පොලිසියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන්ට නිරී­ක්ෂ­ණය වී තිබේ.

වවු­නි­යාව පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශය වෙනත් පැමි­ණි­ල්ලක් මත පරී­ක්ෂණ සිදු­ක­ර­ගෙන යාමේදී මේ ගායක ගායි­කා­වන් තුන් දෙනාට රුපි­යල් කෝටි ගණ­නින් මුදල් ලැබෙන බව පෙනී ගොස් තිබේ.

ගායක ගායි­කා­වන් තුන් දෙනා­ගෙන් එක් අයකු වවු­නි­යා­වේද, දෙදෙ­නකු යාප­න­යේද නිසා වවු­නි­යාව පොලි­සිය මේ සම්බ­න්ධ­යෙන් කෝපායි පොලි­සිය දැනු­වත් කර ඇත.

පොලි­සිය විසින් සිදු කරනු ලැබූ පරී­ක්ෂ­ණ­ව­ලදී මේ ගායක ගායි­කා­වන් තිදෙනා ඉතාම කෙටි කාල­ය­කදී කෝටි­ප­ති­යන් බවට පත්ව ඇති බවට හඳුනා ගැනීම හේතු­වෙන් මේ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරී­මට ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කාර ගායක ගායි­කා­වන් තිදෙ­නා­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ග­ල­යින් පිළි­බ­ඳව සම්පූර්ණ විස්ත­ර­යක් ප්‍රකාශ කිරී­මට ඔවුන් අපො­හො­සත් වී ඇත.

මේ හේතු­වෙන් යාප­නය අධි­ක­ර­ණ­යෙන් ලබා ගත් රැඳ­වුම් නියෝ­ග­යක් මත ඔවුන් තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලි­සිය කියයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT