International

බටහිර රටවල අවිවලින් රුසියාවට පහර දුන් බව යුක්රේනය ප්‍රථම වරට පිළිගනී

Saturday, 24 August 2024 - 7:43 pm

බටහිර රටවල් සපයා ඇති අවිවලින් රුසියාවට ප්‍රහාර එල්ල කළ බව යුක්රේනය ප්‍රථම වරට පිළිගනී.

ඇමරිකාවේ නිෂ්පාදිත HIMARS රොකට් කාලතුවක්කු පද්ධතියක්  භාවිතයෙන් රුසියාවේ Kursk ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළේ යැයි යුක්රේන බලධාරීන් ඉකුත් 21 වැනි දා පැවසූ බව බ්‍රිතාන්‍යයේ Reuters ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. ඇමරිකානු අවි භාවිත කරමින් රුසියාවට පහර දුන් බව යුක්රේනය පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි. එහෙත්, මේ සම්බන්ධයෙන් ඇමරිකාව මෙතෙක් කිසිදු අදහසක් පළ කර නොමැත.

ඇමරිකාවේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය 20 වැනිදා පවසා තිබුණේ මෙම ගැටුමට අදාළ තම ප්‍රතිපත්ති වෙනස් වී නොමැති බවයි.

රුසියා-යුක්රේන ගැටුම හටගත් දා සිට ඇමරිකාව වරින් වර යුක්රේනයට අවිආයුධ සපයා එහි තත්ත්වය උත්සන්න කරවා ඇත.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT