International

බංග්ලාදේශය යළිත් නොසන්සුන්

Sunday, 11 August 2024 - 10:27 am

සති කිහිපයක සිට බංග්ලාදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය පහව ගොස් ඇතැයි පෙනී ගියත් අද (10) ශිෂ්‍ය ක්‍රියාකාරීන් ප්‍රමුඛ කරගත විරෝධතාකරුවන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වටලා විරෝධතාවේ නිරත වී තිබුණි.

ඒ අනුව, එරට අගවිනිසුරුවරයා අද (10) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේ, පැයක් ඇතුළත අගවිනිසුරු ඇතුළු සියලු විනිසුරුවරුන් ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේය.

ඔවුන් විරෝධතා ආරම්භ කළේ අන්තර්වාර රජයේ අනුදැනුමකින් තොරව අගවිනිසුරුවරයා පූර්ණ අධිකරණ හමුවක් කැඳවූ බවට සැලවීමත් සමග බව සඳහන් ය.

විරෝධතා අතරතුර අතුරුදන් වූ අයෙකුගේ සොහොයුරියක් කියා සිටියේ,

'මෙම අධිකරණය මානව හිමිකම් කඩ කිරීමේ අවසන් සීමාව දක්වාම ගමන් කළා. නමුත් ඔවුන් කිසිදු විමර්ශනයක් හෝ යුක්තිය ඉටු කිරීමක් සිදුකළේ නැහැ. අපේ ඉල්ලීම අගවිනිසුරු ඇතුළු සියලුම විනිසුරුවරුන් ඉල්ලා අස්විය යුතු බවයි.'

මෙවන් පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණ වැටලූ විරෝධතාකරුවන්ගෙන් එල්ලවූ පීඩනය හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වීමට බංග්ලාදේශ අගවිනිසුරු ඔබයිදුල් හසාන් අද පියවර ගත්තේය.

ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ, ඔහු බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ සමීපතමයෙකු බවය. 

මේ අතර හිටපු අගමැතිනි ෂෙයික් හසීනා එංගලන්ත සරණාගතභාවය වෙනුවෙන් ඉල්ලීම් කර ඇතැයි මීට පෙර වාර්තා පළ වුවත් ඇය නැවතත් බංග්ලාදේශයට පැමිණීමට මෙන්ම මැතිවරණයට ඉදිරිපත් වීමටත් අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හිටපු අගමැතිනි හසීනාගේ පුත්‍රයා වන සජීබ් වාසිද් පවසා සිටියේ, 'අසන්න ලැබෙන කටකතා වැරදියි. මගේ අම්මා කිසිම රටක සරණාගතභාවය වෙනුවෙන් ඉල්ලීම් කරලා නැහැ. මේ අන්තර්වාර රජය ව්‍යවස්ථාවට පටහැනියි. මගේ අම්මාට දැන් අවශ්‍ය නැවතත් බංග්ලාදේශයට යාමට.'

මේ අතර, බංග්ලාදේශ තරුණ ප්‍රජාව මහා මාර්ගවල රථ වාහන හසුරුවන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

ඒ බංග්ලාදේශ පාලනය ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතරට පත්ව ඇත්තේ ද යන පැනය මතු කරමිනි.

මේ අතර බංග්ලාදේශ සිසුන් ඩකා අගනුවර තාප්ප මත සිතුවම් නිර්මාණය කරන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැඩි ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් විරෝධතා අතරතුරදී මියගිය පිරිස 500ක් පමණ වන බව නවතම විදෙස් වාර්තා පෙන්වා දෙයි.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT