Local

කොළඹ සහ යාපනය අතර අභ්‍යන්තර ඍජු ගුවන් ගමන් සදහා අවසර

Monday, 16 June 2025 - 7:58 pm

කොළඹ , රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා  ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්  දේශීය වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා වූ  ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය ( Air Craft Operation Certificate )  අද (16) පිරිනමා තිබේ .

මෙම ගුවන් ගමන සදහා  පැය 01 යි විනාඩි 20 ක කාලයක් ගත වන අතර මේ සදහා මෙම ගුවන් සමාගම , සෙස්නා – 280 ගුවන් යානයක් සූදානම් කර තිබේ .

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ද මේ වනවිට අභ්‍යන්තර ගුවන් මගී පර්යන්තයක් ඉදි වෙමින් පවතින අතර  එහි වැඩ කටයුතු නිමවූ පසුව විදේශීය රටවල ගුවන් මගීන්ට  එතැන් සිට යාපනය දක්වා ගුවන් ගමන් පහසුකම් සළසා ගත හැකිය .

එමගින් සංචාරක ගමනාන්තයක් ලෙස යාපනය සංවර්ධනය කිරීමේ ඉලක්කය ද පහසුවෙන් සපුරා ගැනීමේ හැකියාව පවතියි.

මෙම ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය පිරිනැමීම , කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේදී සිදු වූ අතර , ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා විසින් සීමාසහිත ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගමේ බළයලත් කළමනාකරු විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ඕ.ඩී.එන්.එල්.පෙරේරා මහතා වෙත සිදු කෙරුණි .


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT