Local

කෙහෙළියට එරෙහි GI බට නඩුව ජූලි 18ට කල් යයි

Tuesday, 06 May 2025 - 6:20 pm

2015 ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් 990,000ක මුදලක් වැය කර ජී.අයි. පයිප්ප මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කර හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනකුට එරෙහි පවරා ඇති නඩුව ලබන ජූලි 18දා කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ (05දා) දින නියම කළේය. 2015 වසරේ සිට රූපවාහිනී සංස්ථාවේ අලෙවි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සනත් ප්‍රියන්ත දළුවත්ත මහතා සාක්ෂි දුන්නේය. 2014 වසරේ නොවැම්බර් 25දා හෝ ඊට ආසන්න දිනෙක ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් රූපවාහිනී සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක එහි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා යැයි කියමින් රුපියල් 990,000ක මුදලක් වැය කර රූපවාහිනී සංස්ථාවට ජී.අයි. පයිප්ප 600ක් මිල දී ගැනීමෙන් රජයට පාඩු සිදුකිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම යටතේ අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට චෝදනා කර අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ. අල්ලස් හා දූෂණ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා 4ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. අධිචෝදනා පත්‍රයේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 26 දෙනකු හා ලේඛන 17ක් සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබේ. රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්වරු මෙම නඩුවේ සෙසු විත්තිකරුවෝ වෙති.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT