Local

බදු පනතක් අත්හිටුවා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

Tuesday, 26 March 2024 - 9:18 pm

2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

භාණ්ඩ 64ක් ආනයනය කිරීමේදී පහසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබ තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එම බද්ධ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති විවිධ ගැටලු හේතුවෙන් එකී බදු පනත අත්හිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවද එහි දැක්වෙනවා.

ඒ අනුව පනත අතීටුවීම සඳහා නව පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්. 

news images news images


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT