International

බැල්ටිමෝ පාලම හදන්න ඩොලර් මිලියන 60ක ආධාරයක්

Sunday, 31 March 2024 - 8:07 am

නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ” ෆ්‍රැන්සිස් කොට් කී ” පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අමෙරිකානු රජය විසින් මූලික අදියර ලෙස ඩොලර් මිලියන 60ක හදිසි අරමුදල් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ, වානේ ටොන් 3,000ක් හෝ 4,000ක් පමණ වන පාලමේ සුන්බුන්වලට සිරවී ඇති නෞකාව ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමද මේ වන විට සිදු කරමින් පවතින බවයි.

පුද්ගලයින් 06 දෙනෙකුට මෙම සිද්ධියෙන් දිවි අහිමි වු අතර, කාර්ය බහුල නාවුක ගමන් මාර්ගයක් වුවත් මෙම සිද්ධියෙන් පසු තවමත් එම ප්‍රදේශය හරහා නෞකා ගමනාගමනය සිදු නොවේ.

පාලමෙහි සුන්බුන් ඉවත් කර වරායේ පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ.

මේ අතර බැල්ටිමෝර් නුවර පාලම කඩා වැටීමෙන් සිදු වූ හානිය සඳහා වන රක්ෂණ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇතැයි ද, එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ තනි අනතුරකට ගෙවනු ලබන විශාලතම සමුද්‍ර රක්ෂණය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT