Local

වතුකරයට වෙනම ගම් උදාවක් අරඹනවා..- සජිත්

Monday, 09 September 2024 - 5:59 pm

වතුකරයට වෙනම ගම් උදා සංකල්පයක් ආරම්භ කර වතු කම්කරුවන්ගේ නිවස ගැටළුවට විසදුම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ (08) දින දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබු ජන රැළිය අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කර්මාන්ත ශාලා පිහිටුවිමට පියවර ගන්නා බවයි.

තවද වතුකරයේ දැනට පවතින ගුරු හිගයට විසදුම් ලබා දිමටත්, අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමට ඉහල දැමිමට පියවර ගන්නා බව පවසා සිටි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑලිය තැපැල් කාර්යාලය විකිණිමට අදහස් කරමින් සිටියද එය සිදු කිරිමට ජනාධිපතිවරණයෙන් පසු තමන් කිසිසෙත් ඉඩ ලබා නොදෙන බවයි.

මෙම රැළියට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායකවරුන් වන පා.ම පලනි දිගම්බරම්, පා.ම වි.රාධාක්‍රිෂ්ණන්, පා.ම එම්.උදයකුමාර් , කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර, සුජිව සේරසිංහ මහතා ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.


Top Stories
wedivistara

යුරෝෆෝමියුලා ඕපන් 2025: යෙවාන් ඩේවිඩ් දෙවන ස්ථානයේ

wedivistara

ගාල්ල බන්ධනාගාරයට උඩින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

wedivistara

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

wedivistara

කථානායක ගැන පළ වන විවිධ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් තතු පහදයි

wedivistara

සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්

wedivistara

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT