Local

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කෙරේ

Tuesday, 28 November 2023 - 2:30 pm

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

වෘත්තීය සමිති නායකයන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයන්, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව සිටියහ.

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් දිගුකාලීන ප්‍රතිසංස්කරණ රැසක් මෙවර අයවැයට ඇතුළත් කර තිබෙන බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා මෙහිදී පැවසීය.

රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ ලෝක ආර්ථිකය සමඟ තරග කළ හැකි අන්දමින් මෙරට ආර්ථිකය ප්‍රතිස්ථාපනය කිරීම ප්‍රමුඛ අරමුණක් බවත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සකච්ඡා කර වසර හතරක වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහතා පැවසීය.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබාදීම, ගොවි ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම,රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, දේශීය ව්‍යවසායකයන් නගා සිටුවීම යන යෝජනා හරහා මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වන ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිළි කෙරිණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද 2024 අය වැය යෝජනා සහ ඉන් රටට ලැබෙන කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිලාභ පිළිබඳ කරුණු පැහැදිළි කළේය.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියහ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT