International

මුම්බායි නුවරට ගංවතුර

Wednesday, 28 May 2025 - 7:05 am

ඉන්දියාවට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් දකුණු මුම්බායි නුවර පළාත් රැසක් ගංවතුරෙන් යටවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා දිනය පුරා ධාරානිපාත වර්ෂාවක් පතිත වූ බවත්, දකුණු මුම්බායි නුවර නිවාස, කඩසාප්පු සහ මහමාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

දකුණු මුම්බායි නුවර කිං එඩ්වර්ඩ් අනුස්මරණ රෝහලේ බිම් මහල ද ජලයෙන් යටවීම හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙවර මෝසම් වර්ෂාව අපේක්ෂා කර ඇත්තේ ජූනි මස 11 වැනිදා බව ද වාර්තා වේ.

පසුගිය ඉරිදා දිනයේ පැය 13ක කාලයක් පුරා මිලිමීටර් 250කට අධික ධාරානිපාත වර්ෂාව ඇද හැලීම ගංවතුර තත්ත්වයට හේතුවූ බව ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


Top Stories
wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT