International

අමෙරිකාවෙන් රුසියාවට නව සම්බාධක 500ක්

Monday, 26 February 2024 - 4:28 pm

යුක්රේනය ආක්‍රමණය කිරීම සහ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක 500කට වැඩි ප්‍රමාණයක් අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ ප්‍රධාන කාඩ් පත් ගෙවීම් ක්‍රමය, මූල්‍ය හා හමුදා ආයතන සහ නවාල්නි සිරගත කළ බන්ධනාගාර නිලධාරීන් නව සම්බාධකවලට ලක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය සතියේ බන්ධනාගාරයේදී රුසියානු විපක්ෂ නායක හදිසියේම මිය යෑමත් සමඟ රුසියාවට නව සම්බාධක පැනවීමට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගත් බවත්, නව සම්බාධක යටතේ අපනයන සීමා කිරීම්වලට මුහුණ දෙන සමාගම් සහ එහි නිලධාරින් 100කට ආසන්න සංඛ්‍යාවක් ලැයිස්තුගත කළ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

අමෙරිකාවේ නව සම්බාධක හේතුවෙන් රුසියාව සහ ඉරානය අතර ඇති ආරක්ෂක ගිවිසුම්, බලශක්ති දියුණු කිරීමේ සැලසුම් සහ ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් වන එකඟතා සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද වාර්තා වේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT