Local

ජනාධිපති අපේක්ෂකයන් වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරමින්..

Tuesday, 17 September 2024 - 10:19 am

ඇතැම් ජනාධිපතිධූර අපේක්ෂකයන් වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන බවට පැමිණිලි ලැබි ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතිබව පැවසීය.

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් නාම යෝජනා බාරදි ඇත්තේ තම ජයග්‍රහණය වෙනුවෙන් බවට තමන් විශ්වාස කරන බව සභාපතිවරයා පැවසීය.

එසේ වුවත් ඇතැම් අපේක්ෂකයන් වෙනත් අපේක්ෂකයන් වෙනුවෙන් හෝ ඔවුන් ප්‍රවර්ධනය වන ලෙස ප්‍රචාරක කටයුතු කරන බවට පැමිණිලි ලැබි තිබේ.

මෙවැනි ක්‍රියා සම්පූර්ණයෙන්ම මැතිවරණ නීතියට පටහැනි බව පැවසීය.

එවැනි අනීතික ක්‍රියා සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව සභාපතිවරයා පැවසීය.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නීති වලට පටහැනිව ප්‍රචාරක කටයුතු සිදුකරන්නේනම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව පැවසීය.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලු ජනාධිපතිධූර අපේක්ෂකයන්ගෙ සහයෝගය අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT