Local

ඉන්දු-ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට ථෙරවාදී ආර්ථික මාවත…

Saturday, 31 August 2024 - 8:04 am

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ (29) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බව පැවසූ ඩොවාල් මහතා ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා සිටියේය.

බලශක්ති ක්ෂේත්‍රය එක් ක්ෂේත්‍රයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කළේය.

විදුලිබල උත්පාදනය සහ බෙදාහැරීම සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය පහසු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල රෙගුලාසි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති බවත් සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ආයෝජන වැඩි කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දිගු කාලීනව ශ්‍රී ලංකාවට දේශීය අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි බවත්, අතිරික්ත විදුලිය ඉන්දියාවට විකුණා විශාල මූල්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ඩොවාල් මහතා පැවසීය.

භූතානය විශාල වශයෙන් ජල විදුලිය නිපදවන අතර එය ඉන්දියාවට අලෙවි කරන බවත් එය එරට විශාලතම ආදායම බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ථෙරවාදී ආර්ථික ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ සියවස් 25 කට පෙර ගෞතම බුදුන් වහන්සේගේ සමයේ ඉන්දියාවේ පැවති ආර්ථික පිළිවෙත් අනුව බවත් එය ආර්ථික වර්ධනයට අනුපූරකයක් වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සහ රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ කුසලතා සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ලබා දෙන පුහුණුව පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට ස්තූති කළේය.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, අතිරේක ලේකම් පුනීත් අග්‍රවාල් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන අක්ෂේ ජෝෂි, ගෞරව් අළුවාලියා සහ තේජා චන්දන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මෙම අවස්ථාවට එක් විය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ උපදේශක සුගීස්වර සේනාධිර යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT