Local

ලක්ෂ 44ක රට සිගරට් රාජසන්තකයි -මෙරටට ගෙනා ගුවන් මගියාට ලක්ෂයක දඩයක්

Tuesday, 06 May 2025 - 6:23 pm

රුපියල් හතළිස් හතර ලක්ෂ හතළිස් පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකේය ගුවන් මගියකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (05) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඩුබායිහි රියැදුරකු ලෙස රැකියාවක නිරත වී සිටි කුරුණෑගල පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. ඔහු රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට මේ දුම්වැටි තොගය ඩුබායිවලින් මිලදී ගෙන බහරේනය වෙත පැමිණ එතැන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී. එෆ්. – 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. දුම්වැටි 25,400ක් අඩංගු දුම්වැටි කාටූන් 127ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ පිළිබඳ විධිමත් රේගු විමර්ශනයක් පවත්වා ඇති අතර, මේ දුම්වැටි තොගය රාජසන්තක කර මේවා නීති විරෝධීව මෙරටට රැගෙන ආ ගුවන් මගියාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT