International

වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජනයේ පුළුල් වර්ධනයක්

Friday, 23 February 2024 - 6:22 pm

වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජන අංශයේ පුළුල් වර්ධනයක් දැකිය හැකි බව චීන වාණිජ අමාත්‍යාංශය කියාසිටී. අමාත්‍යාංශ ප්‍රකාශක හ’ යාදොං ඊයේ (22) පැවසුවේ 2024 වසර සඳහා එය ප්‍රශස්ත ආරම්භයක් බවයි.

උත්සව සමයේ රන් සහ රිදී ඇතුළු ආභරණ අලෙවිය 23.8% කින් සහ ක්‍රීඩා හා විනෝදාස්වාද නිෂ්පාදන 15.6% කින් වර්ධනය වී ඇත. එසේම, සන්නිවේදන උපකරණ අලෙවිය 10.4% කින් ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් යාදොං මහතා පැවසීය.

චීනයේ සේවා පරිභෝජනය ද මෙම කාලය තුළ මනා වර්ධනයක් පෙන්නුම් කරයි. දේශීය සංචාරකයන් යුවාන් බිලියන 632.69 ක මුදලක් වැය කර ඇති අතර, එහි වාර්ෂික වර්ධනය 47.3% කි. එසේම චීනයේ බොක්ස් ඔෆිස් සිනමා ආදායම ද යුවාන් බිලියන 8.02 ක වාර්තාගත අගයක් සපුරා තිබීම කැපීපෙනේ.

මීට අමතරව ඊ-වාණිජ වේදිකා ඔස්සේ සිදුවන සිල්ලර විකුණුම්වල වාර්ෂික වර්ධනය ද 32.2% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර, රටේ පරිභෝජනය තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මාලාවක් ද ක්‍රියාත්මකයි. ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී චීන පාරිභෝගික වෙළඳපොළ ස්ථාවර වර්ධනයක් අත්කර ගනු ඇති බවට ද හ’ යාදොං මහතා විශ්වාසය පළ කළේය.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT