International

ලොව පුරා තරු­ණි­යන් අන්ත­ර්ජා­ල­යෙන් නිරු­වත් කළ ව්‍යාජ යූටි­යු­බ්ක­රු­වාට ඔස්ට්‍රේ­ලි­යා­වෙන් වසර 17ක සිරදඬු­වම්

Thursday, 29 August 2024 - 9:13 am

අති­ශය ජන­ප්‍රිය තරුණ යූ ටියු­බ්ක­රු­වකු ලෙස පෙනී සිටි­මින් කැම­රාව ඉදි­රියේ ලිංගික ක්‍රියා­කා­ර­කම් සිදු කරන ලෙස ලොව පුරා සිය ගණ­නා­වක තරු­ණි­යන් බිය ගැන්වූ පුද්ග­ල­ය­කුට ඔස්ට්‍රේ­ලි­යානු අධි­ක­ර­ණ­ය­කින් වසර 17ක සිරදඬු­වම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මොහො­මඩ් සෙයි­නුල් ආබ්ඩීන් නමැති 29 හැවි­රිදි මේ පුද්ග­ලයා අමෙ­රි­කාව, බ්‍රිතාන්‍ය, ජපා­නය හා ප්‍රංශය ඇතුළු රට­වල් 20ක කාන්තා­වන් 286 දෙනකු එසේ ‘බ්ලැක්මේල්‘ කිරීම සම්බ­න්ධව චෝදනා 119කට වර­ද­කරු වී ඇති අතර, ඔහුගේ බල­පෑ­ම්ව­ලට හසුවූ තරු­ණි­ය­න්ගෙන් බහු­ත­රය වයස අවු­රුදු 16ට අඩු බව ද හෙළිවී ඇතැයි වාර්තා වේ.

ඔස්ට්‍රේ­ලි­යාවේ පර්ත් නුවර අධි­ක­ර­ණ­යක විභා­ග­යට ගත් එම නඩුව ඔස්ට්‍රේ­ලි­යානු අධි­ක­රණ ඉති­හා­සයේ වඩාත්ම දරුණු ලිංගික හිංසන නඩු­වක් බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ළමා වියේදී පාකි­ස්තා­නයේ සිට සිය මාපි­යන් සමඟ ඔස්ට්‍රේ­ලි­යා­වට සේන්දු වූ මේ පුද්ග­ලයා ලොව පුරා තරු­ණි­යන් රැසක් සමඟ අන්ත­ර්ජා­ලය ඔස්සේ වීඩියෝ තාක්ෂ­ණය මගින් ලිංගි­ක­ත්වය ඉස්මතු වන ආකා­රයේ සංවා­ද­වල නිර­තව ඇති අතර, පසුව එම සංවාද එම තරු­ණි­යන්ගේ පෙම්ව­තුන්ට හා සමී­ප­ත­ම­යන්ට යවන බවට තර්ජ­නය කර­මින් ඔවුන්ට කැම­රාව ඉදි­රියේ නිරු­වත් වන ලෙසට බල­පෑම් කර ඇතැයි අධි­ක­ර­ණ­යේදී හෙළි වී තිබේ. සිය නිවෙසේ සිටින සුර­තල් සතුන් හා කුඩා දරු­වන් සමඟ කැම­රාව ඉදි­රියේ ලිංගි­කව හැසි­රී­මට ඇතැම් තරු­ණි­යන්ට බල­පෑම් කර ඇතැයි ද අධි­ක­ර­ණ­යේදී වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිරදඬු­ව­මට එරෙ­හිව අධි­ක­ර­ණ­යෙන් සමාව අයැද ඉල්ලු­ම්ප­ත්‍ර­යක් යොමු කිරී­මට ඔහුට අව­ස්ථා­වක් ඇති අතර,  එම අව­ස්ථාව ඔහුට ලැබෙන්නේ 2033 අගෝස්තු මාස­යේදී බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT