International

න්‍යෂ්ටික තර්ජනවලට ඉන්දියාව බය නෑ

Wednesday, 14 May 2025 - 8:20 am

යළි ප්‍රහාරයක් එල්ල වුණොත් දැඩි ප්‍රතිචාර - ඉන්දීය අගමැති ජාතිය අමතා කියයි

කිසිදු න්‍යෂ්ටික තර්ජනයකට ඉන්දියාව බිය නොවන බවත්, එවැනි තර්ජන යටතේ වර්ධනය වන ත්‍රස්තවාදීන්ගේ සැඟවුණු ස්ථාන වෙත කිසිදු සැකයකින් තොරව ප්‍රහාර එල්ල කරන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පෙරේදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. ජම්මු කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරය මුල් කරමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගත වූ යුදමය තත්ත්වයට දේශසීමා ගැටුම් කිහිපයකින් පසුව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්වී ඇති අතර, එම ගැටුම්වලින් පසු පළමු වරට සිය ජනතාව අමතා ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී එල්ල වන ඕනෑම තර්ජනයකින් සිය පුරවැසියන් ආරක්ෂා කිරීමට සියලු පියවර ගන්නා බවය.

ජම්මු කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය හමුදාව ‘සින්දූර් මෙහෙයුම‘ ක්‍රියාත්මක කරමින් පාකිස්තානයේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් සියයකට අධික පිරිසක් මිය ගිය බවත් ඉන්දීය අගමැතිවරයා සඳහන් කර තිබේ. එම ත්‍රස්තවාදීන් පසුගිය දශක තුනක පමණ කාලයක් තුළ ඉන්දියාවට එරෙහිව කුමන්ත්‍රණය කරමින් පාකිස්තානයේ නිදහසේ සැරි සැරූ අය බවත් අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාවේ ප්‍රහාරයට සහාය දීම වෙනුවට පාකිස්තානය පාසල්, ආගමික ස්ථාන නිවාස හා සිවිල් වැසියන් ඉලක්ක කරමින් ඉන්දියාවට ප්‍රහාර එල්ල කළ බව ද අගමැති මෝදි සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පාකිස්තානයෙන් එල්ල වූ මිසයිල හා ඩ්‍රෝන විශාල ප්‍රමාණයක් උඩු ගුවනේදීම විනාශ කිරීමට ඉන්දීය ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත්වූ බව ද අගමැතිවරයා සඳහන් කර තිබේ. අනතුරුව ඉන්දීය හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පාකිස්තානයේ ගුවන් හමුදා කඳවුරුවලට දැඩි හානි සිදුවූ බවත්, ගැටුමේ පළමු දින 3දී පාකිස්තානයට සිදුවූ හානියෙන් පසු මැයි මස 10 වැනිදා එරට හමුදාව ඉන්දියාවේ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇමතුමක් ලබා දුන් බවත් අගමැතිවරයා අනාවරණය කළ බව වාර්තා වේ. ඒ වන විට ඉන්දීය හමුදාව පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් සියල්ල විනාශ කර තිබූ බව ද අගමැතිවරයා සඳහන් කර ඇත. සින්දූර් මෙහෙයුමෙන් මිය ගිය ත්‍රස්තවාදීන්ගේ අවසන් කටයුතු සඳහා පාකිස්තාන හමුදාවේ ඉහළ නිලධාරින් සහභාගි වී ඇතැයි ද, ඉන් පාකිස්තානයේ සැබෑ තත්ත්වය ජාත්‍යන්තරය හමුවේ පැහැදිලි වී ඇතැයි ද අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. පාකිස්තානයේ ත්‍රස්තවාදයට හා හමුදා කඳවුරුවලට එරෙහි යුදමය ක්‍රියාමාර්ග මේ වන විට අත්හිටුවා ඇති බවද, ඉදිරි දිනවලදී පාකිස්තානය විසින් ගනු ලබන සෑම පියවරක්ම දැඩි නිරීක්ෂණයට ලක් කරමින් සිටින බව ද ඉන්දීය අගමැතිවරයා සඳහන් කර තිබේ.

  


Top Stories
wedivistara

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා - ජනපති

wedivistara

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා - බිමල් රත්නායක

wedivistara

මෙරට වයස්ගතම හිමිනම අපවත් වෙති

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම පීල්ලක ධාවනය වෙයි

wedivistara

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

wedivistara

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.


NEWS ALERT