සබ්මැරීන, ප්‍රහාරක ජෙට් යානා ඇතුළු හමුදා උපකරණ තොගයක් චීනයෙන් බංග්ලාදේශයට අපනයනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් අඩු මුදලට ලබාගත් එම හමුදා උපකරණ රැසක දෝෂ සහිත බවත්, එදිනෙදා භාවිතයට ආනයනය කරනු ලැබූ උපකරණ දෝෂ සහිත බැවින් බංග්ලාදේශයේ ආරක්ෂක හමුදාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
චීනයේ නිෂ්පාදිත කේ.8ඩබ්ලිව් ප්‍රහාරක ජෙට් යානා ආනයනය කිරීමෙන් පසු සිදු කළ පළමු අත්හදා බැලීමේදී එහි දෝෂ සහිත බව අනාවරණය වී ඇතැයි වාර්තා වන අතර, මේ පිළිබඳ චීනය කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද වාර්තා වේ. මීට අමතරව අමෙරිකානු ඩොලර් 100 බැගින් මුදල් ගෙවා ලබා ගත් සබ්මැරින දෙකක් පසුගියදා චීනයෙන් ආනයනය කර ඇති අතර, එම සබ්මැරීන වැඩි කාලයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින බව ද හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
බටහිර තාක්ෂණය අනුකරණය කරමින් අපනයනය සඳහා නිෂ්පාදනය කර ඇති චීන හමුදා උපකරණ රැසක මෙවැනි දෝෂ ඇතැයි ද, බංග්ලාදේශය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් අඩු මුදලකට හමුදා උපකරණ අපේක්ෂා කිරීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.