International

බංග්ලාදේශයේ හින්දු බැතිමතුන් ආරක්ෂා කරන්නැයි එරට හින්දු ප්‍රජාව අමෙරිකානු පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

Tuesday, 13 August 2024 - 9:34 pm

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ සුළුතර හින්දු ජාතිකයන් ආරක්ෂා කරන ලෙස අමෙරිකාවේ හින්දු බැතිමතුන් එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ අගමැතිනිය ශෙයික් හසීනා ධුරය හැර යෑමෙන් පසු එරට හින්දු ජාතිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දරුණු ලෙස උත්සන්න වී ඇති බවත්, ඊට එරෙහිව මේ වන විට එරට සිටින හින්දු බැතිමතුන් දැවැන්ත විරෝධතාවක නිරතව සිටින බවත් අමෙරිකාවේ ක්‍රියාක්මක වන උතුරු අමෙරිකානු හින්දුවරුන්ගේ සන්ධානය එම ඉල්ලීම කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය දින කිහිපය තුළ බංග්ලාදේශයේ හින්දු ජාතිකයන් පිරිසක් ඝාතනයට ලක් වී ඇතැයි ද, හින්දු ජාතිකයන්ගේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන ද, හින්දු කෝවිල් ද ප්‍රහාරයට හා ගිනි තැබීම්වලට ලක්වී ඇතැයි ද එම සන්ධානය අමෙරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

බංග්ලාදේශයේ මිලියන 170ක ජනගහනයෙන් 8% ක පමණ නියෝජනයක් ඇති හින්දු ජාතිකයන්ගෙන් බහුතරයක් ශෙයික් හසීනාට සහ අවාමි ලීග් රජයට සහාය පළ කිරීම එම ප්‍රහාරයට හේතු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. එරට දිස්ත්‍රික් 52ක පුරා අවම වශයෙන් හින්දු ජාතිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර 200කට අධික ප්‍රමාණයක් සිදුවී ඇතැයි ඉන්දියාවේ හින්දු පුවත් සේවය වාර්තා කළේය.


Top Stories
wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT