International

මස්ක්ගේ 12 වන දරුවාත් මෙලොව එළිය දකියි - Elon Musk

Thursday, 27 June 2024 - 8:02 am

ලෝකප්‍රකට තාක්ෂණික දැවැන්තයා, එලෝන් මස්ක් (Elon Musk) 12 වැනි වරටත් පිය පදවිය ලබලා.

12 වැනි වරට පිය පදවිය ලැබුවා කියලා කිව්වට මේ Neuralink හි අධ්‍යක්ෂ Shivon Zilis සමඟ ඔහු පිළිගත් තෙවන දරුවා.

මේ සම්බන්ධයෙන් මස්ක්ට එල්ල වූ විවේචනය තමයි ඔහු දරුවාගේ උපත රහසක්ව තබා ගත්තා කියන එක.

නමුත් සිය මිතුරන් සහ පවුලේ හැමෝම දන්න කාරණාවක් රහසක් වෙන්නෙ කොහොමද කියලයි මස්ක් නම් කියන්නෙ.

ඒ වගේම තමයි 12 වැනි දරුවා පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකිරීම අමුතු දෙයක් නොවන බවත් ඔහු මෙම විවේචනයන්ට ප්‍රතිචාර හැටියට සඳහන් කරලා තිබුණා.

කොහොම නමුත් අලුත උපන් දරුවා දුවෙක් ද පුතෙක් ද කියලා නම් නෑ තවම.

මස්ක් - සිලිස් දෙන්නට 2021දී උපත ලද තවත් දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා නිවුන්නු.

බ්ලූම්බර්ග් මූලාශ්‍රවලට අනුව මස්ක් - සිලිස් දෙන්නගෙ තුන්වන දරුවා 2024 වසරේ ඒ කියන්නෙ මේ වසර මුල් භාගයේදීයි උපත ලබා ඇත්තේ.

එලෝන් මස්ක්ට තියෙන්න සංකීර්ණ වූ සබඳතා ජාලයක්.

ඔහු මුලින්ම විවාහ වෙන්නෙ 2000 වසරේ. ඒ කැනේඩියානු ජාතික කතුවරියක වන ජස්ටින් විල්සන් එක්ක.

ඒ විවාහයෙන් ඔහුට දරුවන් හය දෙනෙකු සිටින බව සඳහන් වන නමුත් 2002 දී උපත ලද ඔවුන්ගේ පළමු දරුවා හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය හෙවත් SIDS නිසා මියගොස් ඇති බවයි කියවෙන්නේ.

පසුව ඔවුන් දරුවන් බිහි කිරීම සඳහා IVF ක්‍රියාපටිපාටියට යොමුව තිබෙනවා. ඒ මඟින් ඔවුන් 2004 දී නිවුන් දරුවන්ට සහ 2006 දී තුන් නිවුන් දරුවන්ට උපත ලබාදුන් බව සඳහන්. කොහොම නමුත් 2008 දී ඔවුන් දෙදෙනාගේ දික්කසාදය ගැන වාර්තා වනවා.

ඒ කතාවෙන් පස්සෙ මස්ක් තවත් අළුත් ප්‍රේම කතාවක් අරඹන්නේ ඉංග්‍රීසි නිළි තලූලා රිලී එක්ක. ඔවුන් ඊට වසර දෙකකට පස්සෙ ස්කොට්ලන්තයේ ඩොර්නොච් ආසන දෙව්මැදුරේදී විවාහ වුණු නමුත් ඒ කතාව අවසන් වෙනවා 2016 දී.

ඊළඟ ප්‍රේම වෘත්තාන්තය මස්ක් - ග්‍රීම්ස් (ian Grimes)

සංගීතය හා සම්බන්ධ ඇය කැනේඩියානු ජාතිකයෙක් බව සඳහන්. කොහොම නමුත් වැඩි ආයුෂ නොතිබුණු ඒ කතාවත් 2018 දී පටන් අරන් 2021 දී අවසන් වෙලා.

ඒ සම්බන්ධය නතර වෙනකොට මස්ක් - ග්‍රීම්ස් දරුවන් තිදෙනෙකුට දෙමාපියන්ව උන්නු බව සඳහන්.

එතකොට මස්ක්ගේ වත්මන් කතාව ගෙතෙන්නෙ ශිවොන් සිලිස් එක්ක. ඇය මස්ක්ගේ නියුරලින්ක් හි විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරියක බව සඳහන්.


Top Stories
wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

දියවැලකට හසුවූ පුද්ගලයින් සිව්දෙනෙක් පොලිසිය විසින් බේරාගැනේ

wedivistara

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT