Local

පවුල් ලක්ෂයකට වතුර නෑ - කලටුවාව සිට මහරගමට ජලය ගෙනයන විශාල ජල නළයට මෝටර් රථයක් වැටිලා

Tuesday, 18 June 2024 - 7:03 am

හයිලෙවල් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ඊයේ (17) අලුයම 2 ට පමණ ගොඩගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කලටුවාව සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන විශාල ජල නළයක් මතට වැටීමෙන් එම ප්‍රදේශයේ ජනතාව වතුර නැතිව දැඩි අසීරුතාවකට පත්ව තිබිනි.

මීගොඩ, ගොඩගම ප්‍රදේශයේදී සිදු වූ මෙම හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා නඩත්තු) කුමුදු විජේගුණවර්ධන මහතා පැවැසීය.

ජලය ලබාදීම අත්හිටුවීමට සිදු වීම නිසා ජල පාරිභෝගික පවුල් ඒකක ලක්ෂයකට වැඩි පිරිසකට අසීරුතාවට පත් වීමට සිදු වී ඇති බවත් ඒ මහතා පවසයි.

අදාළ අනතුර නිසාවෙන් නළ මාර්ගය පිළිසකර කිරීමට වැය වූ මිලියන 15 ක අලාභය අනතුර සිදු කළ මෝටර් රථයේ හිමිකරුගේ පෞද්ගලික මුදලින් හෝ මෝටර් රථයෙහි රක්ෂණ ආයතනයෙන් ලබා ගැනීම සඳහා ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බව ද ඒ මහතා පැවැසීය.

කෙසේ වුවද කාලගුණික තත්ත්වයන් යහපත් අයුරින් පැවතුණහොත් අද (18) දින අලුයම වන විට නළ ජලය පාරිභෝගිකයන් වෙත ලබා දීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ජලය අත්හිටුවීම නිසාවෙන් පීඩා විඳින රෝහල් සඳහා ජල බවුසර් යොදා ගෙන ජලය ලබා දීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.

අනතුර සිදුවන අවස්ථාවේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම මෝටර් රථය, තුළ පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර අනතුරෙන් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා හෝමාගම රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුර හේතුවෙන් ජල නළය පුපුරා ගොස් අවට විශාල ප්‍රමාණයක් සේදී ගොස් ඇති අයුරු ද දැකගත හැකි විය. පෙරවරු 11.00 පමණ වන විට ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සහ සේවක පිරිස් කඩිනමින් එම ස්ථානයේ නඩත්තු කටයුතු සිදුකරන අයුරු ද දැකගත හැකි විය.

එම අවස්ථාවේදී අපතේ ගිය ජලය අදාළ නළ පිළිසකර වියදම් ශ්‍රමය මාර්ග සංවර්ධන අධිකාරියේ ගාස්තු ආදිය ගණනය කිරීමෙන් පසු සමස්ත වියදම රුපියල් මිලියන 15ක් පමණ වැය වී ඇති බවට ගණනය වී ඇති බවත් කුමුදු විජේගුණවර්ධන මහතා පැවැසීය.

මීගොඩ බී.කේ. කත්‍රිආරච්චි,පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ, පනාගොඩ – ඇන්ටන් ප්‍රනාන්දු


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT