Local

මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කෙරේ

Friday, 16 August 2024 - 12:02 pm

ශ්‍රී ලංකා මහබැංකුව 2024 වසර සඳහා වන දෙවෙනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කර තිබෙයි.

මෙහි අන්තර්ගතය පදනම් වී තිබෙන්නේ පසුගිය ජුලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සැලකිල්ලට ගත් තොරතුරු මත පදනම්වයි.

අඩු උද්දමන පීඩන හා අනුකූලව 2024 වසරේ මේ දක්වා ලිහිල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිව තිබේ.

මේ වසරේ මුල් භාගයේදී සිදු වූ තාවකාලික ඉහළ යාමෙන් අනතුරුව බලශක්ති මිල ගණන් අඩුවීම, ආහාර උද්දමනය මන්දගාමීවීම සහ ඉල්ලුම් අංශයේ පසුබෑම හේතුවෙන් මතුපිට උද්දමනය සැලකිය යුතු ලෙස අඩු විය.

සාර්ව ආර්ථික ස්ථායීතාව ක්‍රමයෙන් යළි තහවුරු වීම , අඩුපොලී අනුපාතිකය සහ ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිදියුණුවීම හේතුවෙන් මේ වසරේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව යථා තත්ත්වයට පත්ව තිබෙයි.

2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාව අඛණ්ව පවතිනු ඇති බවත් මහබැංකුව සඳහන් කරයි.


Top Stories
wedivistara

යුරෝෆෝමියුලා ඕපන් 2025: යෙවාන් ඩේවිඩ් දෙවන ස්ථානයේ

wedivistara

ගාල්ල බන්ධනාගාරයට උඩින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

wedivistara

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

wedivistara

කථානායක ගැන පළ වන විවිධ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් තතු පහදයි

wedivistara

සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්

wedivistara

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT